Saturday, December 11, 2010

පරිගණක දෘඩාංග​ සටහන​

පරිගණකයේ මව් පුවරුවේ දකින්න පුලුවන් පෝට් වර්ග​, සොකට් වර්ග​,  රැම් වර්ග හා විවිධ කේබල් වර්ග පහත රූපයේ දක්වා තිබෙනවා.. ඒ මත ක්ලික් කර විශාල කර බලන්න​..

මෙම රූපය එව්වේ: ටිරියා..

පෝට් වර්ග​ (ports)

පරිගණකයේ තියෙන විවිධ පෝට් වර්ග ගැන ඔයාල දන්නවනේ.. පෝට් කියන වචනයේ හරි සින්හල තේරුම "තොටුපල" යන්නයි.. තොටුපලක වෙන දේ ඔයාල දන්නවනේ, උදාහරනයක් විදිහට ගුවන් තොටුපලක නම් ගුවන් යානා එනවා, යනවා.. පරිගණකයේ පෝට් එකකිනුත් වෙන්නෙ මේ දේ තමයි. වෙනසකට තියෙන්නෙ මේ පෝට් හරහා ගමන් කරන්නේ දත්ත වීම​.. විවිධ පෝට් මගින් පිටත තිබෙන​ විවිධ උපාංග පරිගණකයට සම්බන්ද කරගන්න අපිට පුලුවන්.. පහත තියෙන රූපයේ පරිගණකයක තියෙන පෝට් වර්ග දක්වා තිබෙනවා..


Friday, December 10, 2010

ත්‍රිමාන තාක්‍ෂණය​


ඔයාලා අහලා ඇතිනෙ ත්‍රිමානව බලන්න පුලුවන් චිත්‍රපටි ගැන​.. මම කියන්න යන්නේ ඒ ත්‍රිමාන තාක්‍ෂණය ක්‍රියාත්මක වන විදිහ​.. ඔයාලාට නිකමට හරි හිතිලා තියෙනවද ඇයි අපිට ඇස් දෙකක් තියෙන්නෙ කියලා? ඇස් දෙකක් තියෙන නිසා තමයි අපිට හැමදේම ත්‍රිමානව පේන්නෙ.. යම් වස්තුවක් අපේ ඇස් දෙකට පේන්නෙ කෝණ දෙකකින්.. ඇස් දෙකට කෝණ දෙකකින් පේන රූපය අපේ මොලයෙන් අදුරගන්නවා ත්‍රිමාන වස්තුවක් කියලා..
මේ ත්‍රිමාන තාක්‍ෂණය කියන දෙයින් ඇත්තටම කරන්නේ අපේ මොලය රැවටීමක්.. මෙහිදී යම් රූප රාමුවක් කෝණ දෙකකින් පටිගත කරනවා,, පසුව පරිගණකය මගින් එම රූප රාමු දෙක එකක් නිල් පාට ස්ථරයක් සහිත එකක් බවටත් අනික රතු පාට ස්ථරයක් සහිත එකක් බවටත් පත් කරනවා. ඉන් පසු එම රූප රාමු දෙක එක මත සිටින සේ සකසා තනි රූප රාමුවක් බවට පත් කරනවා.. ඉන් පසු අවශ්‍ය වන්නෙ විශේෂිත උපැස් යුවලක් පමණයි, උපැස් යුවලක් කිව්වට මෙහි තියෙන්නේ නිල් හා රතු  වීදුරු දෙකක්. මෙම වීදුරු දෙක මගින් එක මත ඇති රූප රාමු දෙක වෙන් කර අපගේ ඇස් වලට වෙන වෙනම පෙන්නනවා, එවිට අපේ මොලය එම රූප රාමුව ත්‍රිමාන ආකාරයෙන් දකිනවා.. විදේශ රටවල් වල බොහෝ සිනමා ශාලා වල දැන් මේ තාක්ශණය භාවිතා වනවා.. ත්‍රිමාන උපැස් යුවලක් තියෙනවා නම් youtube එකේ ත්‍රිමාන රූප රාමු ඕන තරම් හොයාගන්න පුලුවන්..
නමුත් මේ විදිහට මොලය රැවටීම මොලයට හොඳයිද කියන එක නම් සිතිය යුතු දෙයක්..


 දැන් විශේෂිත රූපවාහිනි තියෙනවා මේ ත්‍රිමාන තාක්‍ෂණයට සහය දක්වන​.. ඒවාට විශේෂිත උපැස් අවශ්‍ය වන්නෙ නෑ, එම රූපවාහිනි වල තිරයට ඉදිරියෙන් ඇති විශේෂිත වීදුරුවක් මගින් නිල් හා රතු රූප රාමු බෙදීම සිදු කර අපේ ඇස් වෙත එවනවා. මේ තියෙන්නෙ ඒ වගේ විශේෂිත රූපවාහිනි තිරයක්. නමුත් මේවගෙ මිල නම් ගොඩක් අධිකයි..

Thursday, December 9, 2010

කිව්. ආර්. කෝඩ් (QR code)

බාර්කෝඩ් තීරු ගැන හැමෝම දන්නවනේ,, බාර්කෝඩ් තීරු වල සටහන් කරන්න පුලුවන් අකුරු හා ඉලක්කම් පමණයි, ඒකත් කියවන්න පුලුවන් විශේෂිත බාර්කෝඩ් රීඩරයකින් පමණයි..
කිව් ආර් කෝඩ් කියන්නෙ බාර්කෝඩ් ක්‍රමයට වඩා ගොඩාක් ඉදිරියෙන් තියෙන ක්‍රමයක්.. කිව් ආර් කෝඩ් කියන ක්‍රමයේදි පුලුවන් වෙබ් ලිපිනයක් කුඩා සමචතුරස්‍ර කොටුවක සටහන් කරන්න​, ඒකත් කැමරාවක් සහිත ඕනම ජංගම දුරකතනයකින් කියවන්න පුලුවන්.. මේ සඳහා කුඩා මෘදුකාංගයක් දුරකතනයට භාගත කරගැනීම පමනයි අවශ්‍ය වන්නේ.. මේ මගින් කිව් ආර් ක්‍රමයට සටහන් කර ඇති වෙබ් ලිපිනයක් කියවා ජංගම දුරකතනය මගින්ම ඒ වෙබ් අඩවියට පිවිසීමට පුලුවන්.. වෙබ් ලිපින පමනක් නෙව බාර්කෝඩ් ක්‍රමයේදී මෙන් අකුරු හා ඉලක්කම්ද මෙම කිව් ආර් රූපයක් මත සටහන් කරන්න පුලුවන්..මේ කෝඩ් එකක් කොලයක​, බිත්තියක​, කමිසයක​, විශාල දැන්වීම් පුවරුවක උනත් සටහන් කර තබන්න පුලුවන්..   i-nigma මෙම වෙබ් අඩවියට පිවිසී create barcodes යන්න තේරීමෙන් ඕනෑම අයෙකුට තමන්ගේ වෙබ් අඩවියක්, පනිවිඩයක් කිව් ආර් කෝඩ් එකක් බවට පත්  කරගන්න පුලුවන්.. 
www.i-nigma.mobi  කියන වෙබ් අඩවියට ජංගම දුරකතනය මගින් පිවිසීමෙන් කිව් ආර් රීඩරය නොමිලේ භාගත කරගන්න පුලුවන්.. 

 

Monday, December 6, 2010

යුනිකෝඩ්

අන්තර්ජාලය භාවිතයේදී අපිට සින්හල, දෙමළ වගේම විවිධ භාෂා වල අකුරු පෙන්නන්නෙ මේ යුනිකෝඩ් වලින්.. පරිගණකයේ ඇතුලත වැඩ වෙන්නේ සංඛ්‍යා මගින් කියලා හැමෝම දන්නවනේ.. ඉතින් මේ යුනිකෝඩ් කියන දෙයින් සෑම භාෂාවකම, සෑම අකුරකටම විශේෂිත අංකයක් දීලා ගබඩා කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට විකේතනය කරල අපිට වචන පෙන්නනවා... යුනිකෝඩ් ක්‍රමය එන්න කලින් මේ විදිහට අකුරු වලට අගයන් දෙන්නයි, විකේතනය කරන්නයි විවිධ කේතන ක්‍රම රාශියක් තිබ්බත් ඒවා භාවිතයේදී විවිධ ගැටලු මතු උනා... මේ නිසා අන්තර්ජාතික වශයෙන් භාවිතා කල හැකි පොදු ක්‍රමයක් ලෙස යුනිකෝඩ් ක්‍රමය සොයාගැනුනා.. ඉතින් අපේ පරිගණකයේ වෙබ් බ්‍රව්සරය යුනිකෝඩ් වලට සහය දක්වනවා නම් සහ පරිගණකයේ අදාල භාෂාවේ ෆොන්ට් තියෙනවා නම් ඕනම අන්තර්ජාලයේ ඕනම භාෂාවකින් තියෙන දෙයක් අපිට බලාගන්න පුලුවන්..
වැඩිදුර තොරතුරු සඳහා පහත වෙබ් අඩවි පිරික්සන්න​..

සින්හලෙන් ටයිප් කරමු

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා සින්හලෙන් ටයිප් කරන්නෙ කොහොමද කියන එක​.. අන්තර්ජාලය භාවිතයේදී නම් මේ සඳහා ඔන්ලයින් යුනිකෝඩ පරිවර්තක ගොඩක් තියෙනවා...


මේක තමා මම පාවිච්චි කරන්නෙ.. අපි ටයිප් කරන එක ඒ වෙලාවෙන සින්හලට පරිවර්තනය කරන අතර ටයිප් කරන්න හොයාගන්න බැරි අකුරු පහතින් තෝරාගන්න පුලුවන්.. මේ වෙබ් පිටුව පරිගණකයේ සේව් කරගත්තම ඕන වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්..












මේක නම් පොඩි මෘදුකාංගයක්... ඔය ලිපිනය උඩ ක්ලික් කරලා බාගත කරගන්න.. ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.. රයිට් ක්ලික් කරලා 'extract here' දෙ‍න්‍ න.. අ‍ව‍ශ‍්‍ය‍ නැ‍ති‍ වෙ‍ලා‍ව‍ට‍ අ‍ක්‍රි‍ය‍ ක‍ර‍න්‍ නෙ‍ මෙ‍හෙ‍ම‍යි. දකු‍ණු‍ අ‍ත‍ පැ‍ත්‍ තේ‍ ය‍ට‍ම‍ වෙ‍ලා‍ව‍ ති‍යෙ‍න‍ තැ‍න‍ පො‍ඩි‍ අ‍යි‍ක‍න්‍ එ‍ක‍ක්‍ ඇ‍ති, ඒ‍ක්‍ ක්‍ලි‍ක්‍ ක‍ර‍න්‍ න. ඊ‍ට‍ ප‍ස්‍ සෙ‍ 'unhook' කි‍ය‍න‍ බ‍ට්‍න්‍ එ‍ක‍ ඔ‍බ‍න්‍ න. ආ‍යි‍ත්‍ ඔ‍නෙ‍ වෙ‍ලා‍ව‍ට‍ 'hook' ඔ‍බ‍න්‍ න‍.

Sunday, November 28, 2010

ප්‍රොසෙසරය යනු කුමක්ද​?

ප්‍රොසෙසරය කියන්නෙ පරිගණක​යේ මොලය කියලා සරලවම හඳුන්වන්න පුලුවන්. මේකෙන් තමා පරිගණක​යට මොන කාර්‍යයද කරන්නෙ, මොන වෙලාවටද කරන්න ඕනෙ කියන්නෙයි, වඩා වැදගත් මොන කාර්‍ය්‍යද කියලා හොයලා ඒකට ප්‍රමුඛතාවය දෙන්නෙයි. මේ ප්‍රොසෙසර් වලට තප්පරයක් තුල සැලකිල්ලට ගන්න පුලුවන් උපදෙස් ගණන ප්‍රොසෙසර් වේගය යන්නෙන් හඳුන්වන්නේ.. කොච්චර වේගවත් උනත් එක තප්පරයකදි ප්‍රොසෙසරය ලබාගන්නා උපදෙස් ගණනේ සීමාවට ඇවිත් නම් ප්‍රොසෙසරයට යවනකන් ඒ උපදෙස් ප්‍රධාන මතකයේ හෙවත් රැම් එකේ ගබඩා වෙලා තියෙනවා.. ප්‍රොසෙසර් වල​ වේගය මනින්නේ හර්ට්ස් වලින්.. මෙගාහර්ට්ස් 1ක වේගයක් තියෙන ප්‍රොසෙසරයකට පුලුවන් තප්පරයකට උපදෙස් මිලියනයක් සැලකිල්ලට ගන්න​.. ඒ අනුව වර්තමානයේ තියෙන ගිගාහර්ට්ස් වලින් වේගය කියන ප්‍රොසෙසර් වල තියෙන වේගය හිතාගන්න පුලුවන් නේද​.. ඒ වගේම තමා හැබැයි ප්‍රොසෙසරයේ වේගය වැඩිවෙන තරමට ප්‍රොසෙසරය රත්වීමත් අධික වෙනවා.


මේ තමයි වාණිජ වශයෙන් නිපදවූ පළමු ප්‍රොසෙසරය​.. 1970 දී තමයි මේක නිපදවලා තියෙන්නේ. මේකෙ වේගය 740KHz..



ප්‍රොසෙසර් ගැන​ වැඩි විස්තර ඕනෙ නම් මේ වෙබ් අඩවි වලින් දැන ගන්න පුලුවන්..
http://www.kids-online.net/learn/click/details/micropro.html
http://en.kioskea.net/contents/pc/processeur.php3
http://en.wikipedia.org/wiki/Microprocessor

විවිධ ප්‍රොසෙසර් වර්ග තියෙනවා කියලා ඔයගොල්ලො දන්නවනේ... ප්‍රොසෙසර් වර්ග ගැන අපි මීලග ලිපියෙන් කතාකරමු..

Friday, November 26, 2010

ආරම්භයක් පමණයි

කාලෙකට පස්සෙ අලුත් වැඩක් පටන් ගන්න කියලා හිතුනා. විනෝද වීම වගේම ඉගෙනුම් වැඩ කටයුතුත් ඕන නිසා තොරතුරු තාක්‍ෂණය හා පරිගණක​ විද්‍යාව ගැන අපේ කට්ටියට නොදන්න දේවල් ඉගෙනගන්නයි, දන්න අයට උනත් දැනුම වැඩි කරගන්නයි එක්ක මේක හදන්න හිතුනේ. මේ බ්ලොග් එක හැමෝටම විවෘතයි. තමන් දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න කියලා අපේ හැමෝටම ආරාධනා කරනවා. මේක තාම ආරම්භයක් විතරයි. හැමෝගෙම උදව්වෙන් මේක සාර්ථක කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.