Sunday, November 28, 2010

ප්‍රොසෙසරය යනු කුමක්ද​?

ප්‍රොසෙසරය කියන්නෙ පරිගණක​යේ මොලය කියලා සරලවම හඳුන්වන්න පුලුවන්. මේකෙන් තමා පරිගණක​යට මොන කාර්‍යයද කරන්නෙ, මොන වෙලාවටද කරන්න ඕනෙ කියන්නෙයි, වඩා වැදගත් මොන කාර්‍ය්‍යද කියලා හොයලා ඒකට ප්‍රමුඛතාවය දෙන්නෙයි. මේ ප්‍රොසෙසර් වලට තප්පරයක් තුල සැලකිල්ලට ගන්න පුලුවන් උපදෙස් ගණන ප්‍රොසෙසර් වේගය යන්නෙන් හඳුන්වන්නේ.. කොච්චර වේගවත් උනත් එක තප්පරයකදි ප්‍රොසෙසරය ලබාගන්නා උපදෙස් ගණනේ සීමාවට ඇවිත් නම් ප්‍රොසෙසරයට යවනකන් ඒ උපදෙස් ප්‍රධාන මතකයේ හෙවත් රැම් එකේ ගබඩා වෙලා තියෙනවා.. ප්‍රොසෙසර් වල​ වේගය මනින්නේ හර්ට්ස් වලින්.. මෙගාහර්ට්ස් 1ක වේගයක් තියෙන ප්‍රොසෙසරයකට පුලුවන් තප්පරයකට උපදෙස් මිලියනයක් සැලකිල්ලට ගන්න​.. ඒ අනුව වර්තමානයේ තියෙන ගිගාහර්ට්ස් වලින් වේගය කියන ප්‍රොසෙසර් වල තියෙන වේගය හිතාගන්න පුලුවන් නේද​.. ඒ වගේම තමා හැබැයි ප්‍රොසෙසරයේ වේගය වැඩිවෙන තරමට ප්‍රොසෙසරය රත්වීමත් අධික වෙනවා.


මේ තමයි වාණිජ වශයෙන් නිපදවූ පළමු ප්‍රොසෙසරය​.. 1970 දී තමයි මේක නිපදවලා තියෙන්නේ. මේකෙ වේගය 740KHz..



ප්‍රොසෙසර් ගැන​ වැඩි විස්තර ඕනෙ නම් මේ වෙබ් අඩවි වලින් දැන ගන්න පුලුවන්..
http://www.kids-online.net/learn/click/details/micropro.html
http://en.kioskea.net/contents/pc/processeur.php3
http://en.wikipedia.org/wiki/Microprocessor

විවිධ ප්‍රොසෙසර් වර්ග තියෙනවා කියලා ඔයගොල්ලො දන්නවනේ... ප්‍රොසෙසර් වර්ග ගැන අපි මීලග ලිපියෙන් කතාකරමු..

Friday, November 26, 2010

ආරම්භයක් පමණයි

කාලෙකට පස්සෙ අලුත් වැඩක් පටන් ගන්න කියලා හිතුනා. විනෝද වීම වගේම ඉගෙනුම් වැඩ කටයුතුත් ඕන නිසා තොරතුරු තාක්‍ෂණය හා පරිගණක​ විද්‍යාව ගැන අපේ කට්ටියට නොදන්න දේවල් ඉගෙනගන්නයි, දන්න අයට උනත් දැනුම වැඩි කරගන්නයි එක්ක මේක හදන්න හිතුනේ. මේ බ්ලොග් එක හැමෝටම විවෘතයි. තමන් දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න කියලා අපේ හැමෝටම ආරාධනා කරනවා. මේක තාම ආරම්භයක් විතරයි. හැමෝගෙම උදව්වෙන් මේක සාර්ථක කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.