Saturday, May 11, 2013

ඩව්න්ග්‍රේඩ් නොකර ඇන්ඩ්‍රොයිඩ් රූට් කිරීම​

4.1.B.0.587/.431/ 4.0.2.A.0.62 වගේ firmwares සහිත​ Xperia මාදිලියේ දුරකතන සහිත අයට තියෙන ගැටලුවක් තමා රූට් කිරීමට නම් පළමුව පද්ධතිය​ ඩව්න්ග්‍රේඩ් කිරීමට සිදු වීම​. මම කියන්න යන්නේ එසේ නොකර ඉතා පහසුවෙන් දුරකතනය රූට් කරගන්නා ක්‍රමයක් ගැනයි.

පළමුව කියන්න ඕනේ රූට් කිරීමේ වාසි මෙන්ම වගකීම් සහතියක ඉකුත්වීම වැනි අවාසි තිබෙන නිසා "Do it at your own Risk" කියලා..

හොඳයි එහෙනම් මෙන්න රූට් කිරීමේ පියවර​.

1. මුලින්ම දුරකතනයේ Settings පහත ලෙස වෙනස් කරගන්න​

  • Settings > Security > Mark "Unknown sources"
  • Settings > Developer options > Mark USB debugging
  • Settings > Xperia > connectivity > USB connection mode > select MSC mode
2. ඔබේ පරිගණකයේ Sony PC Companion install කර තිබිය යුතුයි

3. දුරකතනය කේබලය හරහා පරිගණකයට සම්බන්ද කර adb drivers install වන තුරු සිටින්න​

4. මෙම software එක කරගන්න​
        link1    හෝ    link2

5. Download කරගත් සොෆ්ට්වෙයා එක open කර -Root යන​ Button එක​ click කර එහි දිස්වන පියවරයන් සම්පූර්ණ වන තුරු සිටින්න​..


ඉහත පියවරයන් නිවැරදි ලෙස කළා නම් මේ වනවිට දුරකතනය රූට් වී තිබේවි..
කේබලය විසන්ධි කර දුරකතනයේ super user නම් app එකක් ඇත්දැයි බලන්න​..

No comments:

Post a Comment