Saturday, February 1, 2014

අයි.ඕ.එස් 7 ජේල්බ්‍රේක් කිරීම​ (iOS 7 jailbreak)

ඇපල් iOS 7 සඳහා වන jailbreak කිරීම මෑතකදී නිකුත් උනා. ඒ evasi0n නම් කණ් ඩායම විසින් නිකුත් කරනු ලැබූ කුඩා සොෆ්ට්වෙයා එකක් මගින්.. ජේල්බ්‍රේක් කිරීම ගැන නොදන්නවා නම් පළමුව ඒ ගැන කුඩා විස්තරයක් කියන්නම්. ජේල්බ්‍රේක් යනු ඇපල් මෙහෙයුම් පද්ධතියේ සියලු බැමි කඩා දැමීමයි. ඇන්ඩ්‍රොයිඩ් රූට් කිරීමට තරමක් සමානයි. ජේල්බ්‍රේක් කල පසු ක්‍රැක් කරපු ගේම්ස්, ඇප්ලිකේෂන්ස් පහසුවෙන් ඉන්ස්ට්‍රෝල් කරගැනීමට පුලුවන්.. නමුත් ජේල්බ්‍රේක් කිරීම පරිස්සමින් කළ යුතු දෙයක්, වැරදීමක් උනොත් දුරකතනයේ මෙහෙයිම් පද්ධතිය අවුල් වෙන්න පුලුවන්. නමුත් එය රීස්ටො(ර්) කිරීමෙන් නැවත දුරකතනයට පණ දිය හැකියි.



සැලකිය යුතුයි: ඔබේ දුරකථනය අප්ඩේට් කරන ලද්දේ over the air නම් මෙය උත්සාහ නොකරන්න​. ඔබගේ දුරකථනය පරිගණකයේ iTunes හරහා අප්ඩේට් කල එකක් විය යුතුය​. එසේ නැතිනම් iTunes හරහා රීස්ටොර් කිරීමෙන් පසු ජේල්බ්‍රේක් කිරීමට උත්සහ කරන්න​.

පළමුව කිව යුතුයි "Do it at Your Own Risk" කියලා..

ජේල්බ්‍රේක් කිරීමට පළමුව අයි.ටියුන්ස් හරහ ෆුල් බැකප් එකක් තබා ගැනීම සුදුසුයි. කුමක් හෝ වැරදීමක් උනොත් ඒ මගින් නැවත යථා තත්වයට ගන්න පුලුවන්..

පාස්කෝඩ් යොදා ඇත්නම් ඒවා රිමූව් කරන්න..

ජේල්බ්‍රේක් වන අතරතුර දුරකථනය නිශ්චලව තැබීම සුදුසුයි..
දුරකථනය 100% චාර්ච් කර තබා ගැනීමත් හොඳයි.

ජේල්බ්‍රේක් කිරීම සඳහා ඔබට වින්ඩෝව්ස් හෝ මැක් පරිගණකයක්, දුරකථනය සඳහා දෝශ රහිත කේබලයක් අවශ්‍ය වෙනවා..

පළමුව පහත ලින්ක් එකෙන් ජේල්බ්‍රේක් කිරීමට අදාල සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගන්න​..
http://evasi0n.com/

ඉන්පසු ඔබට තියෙන්නේ එම සොෆ්ට්වෙයා එක ඕපන් කර දුරකථනයේ කේබලය පරිගණකයට සම්බන්ද කර "jailbreak" බට්න් එක ප්‍රෙස් කිරීමයි.. ජේල්බේක් කිරීම සඳහා සාමන්‍යෙන් විනාඩි කිහිපයක් ගතවේ.. ඒ අතරතුර කිහිප වරක් දුරකථනය රීස්ටාර්ට් වන අතර ඔබට එය අන්ලොක් කිරීමට සිදුවේ.

පරිගණකයේ ජේල්බ්‍රේක් සොෆ්ට්වෙයා එකේ ජේල්බ්‍රේක් පියවර දර්ශනය වන අතර ඔබට උපදෙස්ද දක්වනු ඇත​, ඒවා අනුගමනය කරන්න​..



ජේල්බ්‍රේක් වීමෙන් පසු දුරකථනය බූට් වීමේදී ලෝගෝ එක දර්ශනය වී දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය සැකසීම සඳහා විනාඩි කිහිපයක් ගතවේ. ඉන් අනතුරුව දුරකථනය ඔන් වූ විට ඔබට සිඩියා ඇප් එක දැකිය හැකියි...


*යම් හෙයකින් ජේල්බ්‍රේක් කිරීම අවසානයේ දුරකථනය බූට් උනේ නැතිනම් කිහිපවරක් power+home ඔබාගෙන සිට ඔන් වේ දැයි බලන්න​.. එසේ නොමැතිනම් ඔබට iTunes හරහා restore කිරීමට සිදුවේ.. (මෙය සිදුවන්නේ over the air අප්ඩේට් කල දුරකථන ජේල්බ්‍රේක් කිරීමට උත්සහ කල විටය​)දුරකථනයේ power+home press කරගෙන off වන තුරු සිටින්න​, නැවත apple logo එක දිස්වූ විට power key එක අතහැර home key එක press කරගෙනම කේබලය පරිගණකයට connect කරන්න​. iTunes මගින් recovery mode එකෙන් දුරකතනය හඳුනා ගනු ඇත​. දුරකථනය restore කිරීමෙන් අනතුරුව backup එක restore කරගැනීමෙන් පෙර තත්වයට දුරකථනය ගත හැක​.



evasi0n team මගින් දක්වා ඇති උපදෙස් පහතින්...


- Warning! Over The Air updates of iOS 7 are known to create an issue and make the jailbreak fail. Some devices are then stuck on the Apple Boot Logo. Until we fix that, please restore your device to 7.0.4. with iTunes first.
- Backup your device using iTunes (or iCloud) before using evasi0n. If something breaks, you'll always be able to recover your data.
- Those who use backup passwords in iTunes must disable them for now.  After doing so, iTunes makes a brand new backup.  Please wait for that backup to complete before proceeding!  Feel free to re-enable your backup password after jailbreaking.
- Please disable the lock passcode of your iOS device before using evasi0n. It can cause issues.
- Launch evasi0n, plug in your device, and click "Jailbreak". Just sit back and observe its progress.  Watch for any steps you may be asked to perform.
- Avoid all iOS and iTunes related tasks until evasi0n is complete. Why not just enjoy a brief break from the computer to stretch your legs?
- If the process gets stuck somewhere, it's safe to restart the program, reboot the device (if necessary by holding down Power and Home until it shuts down), and rerun the process.
- If you get an error on OS X 10.8 / 10.9 saying that evasi0n can't be opened, control-click (or right-click) the app and on the revealed context menu, choose 'Open.' On the ensuing dialogue box, choose 'Open' as well.
- Some Cydia tweaks are not yet compatible with iOS 7. The situation will improve as developers will update their software.