Sunday, October 28, 2012

Key Loggers

Key logger එකක් යනු අපේ පරිගණකයේ අපි ටයිප් කරන හැම දෙයක්ම අපිට නොදැනී record කරලා තියාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්... ඒ කියන්නේ අපේ මුර පදත් (passwords) ඇතුලුව​.. මෙහි ඇති භයානක කම වන්නේ මේ ඇතැම් key loggers වලට පුලුවන් අපි ටයිප් කරන හැම දෙයක්ම text file එකකට record කරගෙන තියාගෙන ඉඳලා අපි අන්තර්ජාලයට සම්බන්ද උන ගමන්  key logger එක පරිගණකයේ ස්ථාපිත කරපු කෙනාට email කිරීමේ හැකියාව​.. Facebook, email හැක් උනා කියන ගොඩක් අයට බැලුවම අන්තිමට වෙලා තියෙන්නේ මේක​...
ඉතින් මේකෙන් ආරක්‍ෂා වෙන්න නම් පරිගණකය කාට හරි දෙද්දි ටිකක් සැලකිලිමත් වෙන්න​.. එහෙම නැතිනම් අලුත් සොෆ්ට්වෙයා ස්ථාපිත කරන්න බැරි Limited User Account එකක් හදලා තියන්න වෙන අයට පාවිච්චි කරන්න​...

දැනටමත් Key logger එකක් ස්ථාපිත වෙලාදැයි සොයාගැනීම​

හොඳ පරිගණක දැනුමක් තිබේ task Manager නම් එකෙහි Processes ටැබ් එකේ "key logger"යන නම සඳහන් process එකක් තිබේද බලන්න​.. එසේ තිබේ නම් එහි නම හරියට බලාගෙන එම process එක end කර එම නම සඳහන් සොෆ්ට්වෙයා එක පරිගණකයෙන් ඉවත් කර දමන්න​...

එසේත් නැති නම් මෙම මෘදුකාංගය මගින් key loggers හඳුනාගත හැකියි..

වැඩි විස්තර සඳහා
http://dewasoft.com/privacy/kl-intro.htm
dewasoft.com/privacy/kldetector.htm
http://en.wikipedia.org/wiki/Keystroke_logging