Saturday, September 17, 2011

Manually Panaroma ජායාරූපයක් සාදා ගැනීම​

බොහොමයක් අලුත් ජංගම දුරකතන වල Panaroma ජායාරූප ගැනීමේ පහසුකම තිබුනත් ඩිජිටල් කැමරා වල සාමාන්‍යෙන් මේ පහසුකම අඩුයි........
අපට පැනරෝමා පහසුකම නැති කැමරාවකින් ගන්නා ජායාරූප කිහිපයක් එකතු කර පැනරෝමා ජායාරූපයක් සාදාගත හැකියි...
මෙහිදී ගන්නා ජායාරූප එකම ආලෝක තත්වයක් යටතේ තිබීම වැදගත්....
ඩිජිටල් කැමරාවක නම් Normal හෝ Program mode එක යටතේ ජායාරූප ගැනීම කළ යුතුය​..එක ජායාරූපයක ඇති කොටසක් ඊළග ජායාරූපයටත් අසු වන සේ උඩට පහළට ලෙසද ජායාරූප ගනිමින් සමස්ත දර්ශනයම ජායාරූප් වලට නගා ගත යුතුය​.....

ඉන්පසු එම ජායාරූප එකතු කර ගැනීම සඳහා හෝ වෙනත් මෘදුකාංගයක් භාවිතා කළ හැක​...
Adobe photoshop භාවිතා කරනවා නම් file > automate > photomerge යන්න තෝරාගෙන එහි උපදෙස් පිළිපැදීමෙන් ඉතාමත් සහසුවෙන් පැනරෝමා ජායාරූපයක් සාදා ගත හැක​...

වෙනත් මෘදුකාංග​ 
Panorama Photo Stitching Software

Panorama Factory

Saturday, July 30, 2011

ඉඟිය Addon එක Firefox 5 සඳහා භාවිතා කරන ලෙස සකසා ගැනීම​

වෙබ් පේජ් එකක දන් නැති ඉන්ග්‍රීසි වචනයක තේරුම දැන ගැනීමට තිබ්බ ලේසිම ක්‍රමය තමා "ඉඟිය" Addon එක​..
නමුත් Firefox 4 හා 5 versions සඳහා මෙය වැඩ කලේ නෑ....
මෙය අවශ්‍ය Firefox version එකක් සඳහා වැඩ කරන ලෙස සකසා ගත හැකි ක්‍රමයක් තියෙනවා...

මුලින්ම Firefox browser එකේ new tab එකක් විවෘත කරගෙන address bar එකේ about:config ලෙස ටයිප් කර enter කරන්න​...
This might void your warranty ලැබෙන පණිවිඩයට​ I'll be careful, I promise යන්න click කරන්න​...
ඉන්පසු ලැබෙන page එකේ Right click කර New > Boolean යන්න තෝරන්න....
Enter a preference name යන්නට extensions.checkCompatibility.5.0 ලෙස ඇතුලත් කරන්න​..​
(Firefox 5 හැර වෙනත් version එකක් භාවිතා කරයි නම් මෙහි 5.0 වෙනුවට එම​ version එක​ ඇතුලත් කල යුතුය​...)
ok කල විට ඉන්ප​හු ලැබෙන boolean value යන්නට false තෝරා ok කරන්න​...

Firefox එකේ දැනටමත් "ඉඟිය" තිබේ නම් firefox menu > addon යන්නෙන් එය remove කරන්න...
ඉන්පසු නැවත "ඉඟිය" install කර firefox restart කරන්න​...

ඉඟිය addon එක මෙතනින් download කරගන්න...
ඉන්පසු firefox එක මගින් open කරන්න​....​

සැ.යු. - මේ මගින් සියලුම addon firefox version එකට compatible දැයි සෙවීම වලකී...

Tuesday, July 26, 2011

Hard Drive එකේ තියෙන Duplicate Files හොයාගන්න​

සමහර වෙලාවට අපිටම හොයාගන්න බැරි විදිහට Hard Drive එකේ අනවශ්‍ය විදිහට Files පිරෙනවනේ... ඒ වෙලාවට එකම නමින්, එහෙම නැත්නම් එකම අන්තර්ගතය සහිත Files තැන් දෙකක හෝ කීපයක තියෙන්න පුලුවන්....
එහෙම වෙලාවට ඒ Files එකින් එක හොයන එක ඉතා අමාරු වැඩක්...
ඒ වෙනුවෙන් අපිට Duplicate C learner කියන පොඩි සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න පුලුවන්..
මේ මගින් එකම නම මෙන්ම එකම අන්තර්ගතය සහිත Files පහසුවෙන් හොයාගෙන අනවශ්‍ය එක delete කරන්න පුලුවන්..
උදාහරනයක් විදිහට එකම සින්දුවක් තැන් දෙකක නම් දෙකකින් තියෙනවා උනත් මේ එක මගින් ඒක හොයාගන්න පුලුවන්...

මෙතනින් DOWNLOAD කරගන්න​...


Wednesday, July 6, 2011

Online බලපු videos save කරගන්න​....

සමහර වෙලාවට youtube වල එහෙම සම්පූර්ණයෙන් බලපු වීඩියෝ එකක් IDM භාවිතා කරලා download කරන්න හදද්දි මුල ඉඳන් ආපහු download වෙනවනේ...
ඒ වෙනුවට පුලුවන් පුංචි portable software ( no need to install ) එකක් පාවිච්චි කරලා සම්පූර්ණයෙන් බලපු වීඩියෝ නැවත වීමකින් තොරව කරගන්න​...

මුලින්ම මේක download කරගන්න​..
Video Cache View   ( 100kb )

download උන​ zip file එක folder එකකට extract කරගන්න​..
VideoCacheView.exe open කරගන්න..
එතකොට ඔයාලට දැකගන්න ලැබෙයි browser cache එකේ තියෙන audio & video files...
අවශ්‍ය ඒවා select කරලා right click කර​ Copy Selected Files to යන්න තේරීම මගින් ඒ files අවශ්‍ය තැනකට save කරගත හැකියි....​
.

Monday, June 27, 2011

ජංගම දුරකතනයෙන් වෙබ් අඩවි වල සින්හල අකුරු දැකගැනීම​....

ගොඩක් අය දැන් ජංගම දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසෙනවනේ...
නමුත් සමහර දුරකතන වලින් වෙබ් අඩවි වල තියෙන සින්හල අකුරු දැකගන්න බෑ...
opera mobile web browser එක පාවිච්චි කරන අයට මේ සඳහා විසදුමක් තියෙනවා...

opera වල web address යොදන තැන opera:config ලෙස යොදා connect වෙන්න​..





        ( www ලෙස ඇති තැන )

    

එවිට ලැබෙන මෙනුවේ පහලම Use Bitmap fonts for complex scipts යන්න yes ලෙස තෝරා save කරන්න​....
ඉන්පසු ඔබට වෙබ් අඩවි වල ඇති සින්හල අකුරු දැකගත හැකියි...
මෙහිදී සිදුවන්නේ ඔබට දැකගත නොහැකි අකුරු කුඩා පින්තූර බවට පත්කර පෙන්වීමයි...
.
.

Sunday, June 26, 2011

නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම

අලුතින් එන ජී මේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගන්න කැමතිද​ ?
සමහර අයට නම් ඒක ගොඩක් වැදගත් වෙයි...
හැබැයි මේ සඳහා එම්.එම්.එස් පහසුකම සහිත ජංගම දුරකතනයක් තිබිය යුතුයි...

1. සියලුම නව පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම​...

පලමුව ඔබගේ ජීමේල් ගිණුම වෙත පිවිසෙන්න​..
ඉන්පසු දකුණු උඩ කෙලවරේ setting ලින්ක් එක ක්ලික් කරන්න​..
එහි Forwarding and POP/IMAP යන්න තෝරන්න​...



එහි Forwarding කියන තැන 071xxxxxxx@mms.mobitel.lk ලෙස ඔබගේ එම්.එම්.එස් ලිපිනය ඇතුලත් කරන්න​...  ( 071xxxxxxx වෙනුවට ඔබගේ දුරකතන අංකය ඇතුලත් කරන්න​..   මොබිටෙල් එම්.එම්.එස් ලිපින පමනයි මම දැනට දන්නෙ.. )

Send Verification instructions යන්න ක්ලික් කරන්න​...
ඔබගේ දුරකතනයේ mms settings නිවැරදි ලෙස තිබේ නම් ඔබට mms පණිවිඩයක් ලැබෙනු ඇත​...
එහි ඇති අංකය ඇතුලත් කර verify ක්ලික් කරන්න​..


ඉන් පසු පහළ ඇති save changes යන්න ක්ලික් කරන්න​..
දැන් ඔබට ලැබෙන සියලුම ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලැබෙනු ඇත​..  ( ජීමේල් ඉන්බොක්ස් එකේද නව පණිවිඩ ලෙස පෙන්වයි ) 


2. අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලබා ගැනීම​

ඉහත දක්වා ඇති ආකාරයට Forwarding email address එකක් සාදා ගෙන එහි අවසාන පියවරේදී Disable Forwarding යන්න තෝරාගෙන save කරන්න​..

ඉන්පසු නැවත settings වල​ filters යන්න ක්ලික් කරන්න​..
එහි ඔබට අවශ්‍ය ලෙස filters ඇතුලත් කරන්න​..


(උදාහරණයක් ලෙස මෙහි lms පණිවිඩ පමණක් ලබා ගැනීමට filter එකක් ඇතුලත් කර තිබේ...)
Test Search යන්න ක්ලික් කිරීමෙන් ඔබගේ filters සඳහා ඇතුලත් වන කලින් ලැබී ඇති පණිවිඩ දැකගත හැක..
Next Step ක්ලික් කරන්න​...


Forward it to යන්න select කර Create Filter ක්ලික් කරන්න​...
ඉන්පසු ඔබට අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලැබෙනු ඇත​....

සැලකිය යුතුයි   : GPRS ගාස්තු අදාල වේ....
.
.

Monday, April 25, 2011

Startup එකේදී load වන අනවශ්‍ය Applications ඉවත් කරගමු

Windows වලට log වෙද්දි සමහර වෙලාවට අපට අවශ්‍ය නැති apllications load වෙන නිසා පරිගණකය තරමක් slow වෙනවා... startup එකේදී load වෙන අනවශ්‍ය​ applcations අපිට disable කරන්න පුලුවන්..
ඒ සදහා Control Panle(All item view) එකෙන් Administrative tools තෝරා ගෙන​ ඉන් පසු System Configuration තෝරා ගන්න​.. ඉන් පසු Startup tab එක තෝරා ගන්න​..
එහිදී ඔබට අනවශ්‍ය starup applications disable කරගන්න පුලුවන්..

* ඔයාලාම​ install කරපු නම් දන්න
programs හැර අනිකුත් programs disable කරන්න එපා.. විශේෂයෙන් Microsoft Windows Operating System කියන එක එහෙම​....

Sunday, March 6, 2011

IP address ගැන දැනගමු

පරිගණක ජාලයකට​ සම්බන්ද වන සෑම උපාංගයකටම ඊටම වෙන්වූ හඳුනාගැනීමේ අංකයක් තියෙනවා... ඒකට තමා IP address එක කියන්නේ...
සාමාන්‍යයෙන් IP address  එකක් මේ වගේ...   216.27.61.137
අපිට හඳුනාගන්න ලේසි වෙන්න දහයේ පාදයේ සංඛ්‍යා වලින් පෙන්නුවත් පරිගණකය මේක හඳුනාගන්නේ Binary හෙවත් දෙකේ පාදයේ සංඛ්‍යාව විදිහට​... කලින් පෙන්නපු IP address එකම පරිගණකය හඳුනාගන්නේ මේ විදිහට​...  11011000.00011011.00111101.10001001

IP address එකක තියෙන තිත් වලින් වෙන්වූ අංක හතරට ඔක්ටෙට්ස් ( octets ) හෙවත් අටේ කාණ් ඩ කියනවා... ඒ Binary වලින් බැලුවම ස්ථාන අටක් තියෙන නිසා... මේ එක octet එකක අගය 0 සිට 255 අතර අගයක් ගන්නවා... ඒ විදිහට එකකට වෙනස් අංක සංයෝජන 4,294,967,296 ක් හදන්න පුලුවන්...
නමුත් මේ අතරින් සමහර IP addresses සාමාන්‍ය විදිහට භාවිතා කරන්න බැරි වෙන්න සීමා කරලා තියෙනවා... උදාහරණයක් විදිහට 0.0.0.0 හා 255.255.255.255 වෙන් කරන ලද IP addresses දෙකක්...

IP කියන අකුරු දෙකේ තේරුම​ Internet Protocol.... සන්නිවේදනය සඳහා අන්තර්ජාල ප්‍රොටොකෝලයක් භාවිතා කරන සෑම උපාංගයකටම තමා Internet Protocol Address එකක් හම්බෙන්නේ....
ප්‍රොටොකෝල් එකක් කියන්නේ "සන්නිවේදනයේදී සිදුවන ක්‍රියාපටිපාටි එකතුවක විස්තරයක්" 
( a description of a set of procedures to be followed when communicating ) කියලා හඳුන්වන්න පුලුවන්..

කමාන්ඩ් ප්‍රොම්ප්ට් " ipconfig "එකේ කියන කමාන්ඩ් එක දුන්නොත් ඔයාලගෙ පරිගණකයේ IP address එක බලාගන්න පුලුවන්... නමුත් IP address එක පෙන්වන්නේ පරිගණක ජාලයකට සම්බන්ද වෙලා ඉන්නවා නම් විතරයි...



Tuesday, February 8, 2011

ෆිල්ම් එකකට උපසිරැසි හදමු...

ෆිල්ම් එකක් බලද්දි අපි සාමාන්‍යයෙන් කැමති උපසිරැසි එක්ක බලන්නනේ.. හිතුවද මේ උපසිරැසි හදන්නේ කොහොමද කියලා.. ෆිල්ම් එකක් ගත්තම ඒක එක්ක .srt කියලා extension එකක් තියෙන ෆයිල් එකක තමා උපසිරැසි සටහන් වෙලා තියෙන්නේ... මේ .srt ෆයිල් එකක් හදන්න නම් ඉතාමත් ලේසියි, නමුත් ෆිල්ම් එකකට වගේ උපසිරැසි යොදනවා නම් දෙබස් ටයිප් කරන්න තමා ගොඩක් වෙලාව යන්නෙ..
හොඳයි, අපි .srt ෆයිල් ගැන කතා කරමු, මේ ෆයිල් හදන්න සොෆ්ට්වෙයා එකක් ඕනෙ කියලා හිතනවද​? 
නෑ, ඔයාලට පුලුවන් නෝට්පෑඩ් එකෙන්ම උපසිරැසි ෆයිල් එකක් හදන්න​... දැන් පරිගණකයේ ෆිල්ම් තියෙනවා නම් බලන්න ඒ එක්ක​ .srt ෆයිල් එකක් තියෙනවාද කියලා.. තියෙනවා නම් ඒ ෆයිල් එක නෝට්පෑඩ් එකෙන් ඕපන් කරලා බලන්න​...
මේ විදිහෙ දෙයක් පෙනෙයි..


ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ... මේකෙ අංක දාලා තියෙන්නේ උපසිරැසි වල අංකය..  ඊලගට  තියෙන්නේ උපසිරැසිය පේන කාල සීමාව​.. ඊට පස්සෙ තියෙන්නේ ඒ කාල සීමාව තුල පේන උපසිරැසිය​...
හොඳයි,, දැන් ඔයාලට පුලුවන් ඔය විදිහට නෝඩ්පෑඩ් එකක උපසිරැසි ටිකක් ටයිප් කරලා,, වීඩියෝ එකකට ඒ උපසිරැසි පේන කාල සීමාව යොදලා, ඒ ෆයිල් එකේ නමේ අගට .srt කියලා යොදලා සේව් කරලා උපසිරැසි ෆයිල් එකක් හදාගන්න​...

නමුත් ඉතින් ෆිල්ම් එකකට වගේ උපසිරැසි හදද්දි මේ ක්‍රමේ ටිකක් අමාරුයිනේ.. ඒ නිසා උප සිරැසි හදන්න විවිධ සොෆ්ට්වෙයා තියෙනාවා.. අන්තර්ජාලයේ හෙව්වොත් එහෙම සොෆ්ට්වෙයා ඕන තරම් හොයාගන්න පුලුවන්..


 DOWNLOAD Sub Tittle Editor

මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.. නෝට්පෑඩ් එකට වඩා නම් ලේසියෙන් උපසිරැසි හදන්න පුලුවන්... නමුත් මේකේ වීඩියෝ ප්ලේ කරන්න නම් බෑ... වීඩියෝ එක ප්ලේ වෙද්දි අදාල දෙබස් වලට උපසිරැසි ටයිප් කරලා යොදන්න පුලුවන් සොෆ්ට්වෙයාත් තියෙනවා..

Friday, February 4, 2011

මොනාද මේ ටොරන්ට්....

ටොරන්ට් ගැන නම් ගොඩක් අය දන්නවනේ... ඒත් දන්නෙ නැති අයත් ඉන්න හින්දා ටොරන්ට් ගැන කියන්නම්කො..
ෆිල්ම් වගේ ලොකු ෆයිල්ස් ඩව්න්ලෝඩ් ඩව්න්ලෝඩ් කරන ගොඩක් අයගෙන් අහුවොත් කොහොමද ඩව්න්ලෝඩ් කරන්නෙ කියලා, උත්තරය "ටොරන්ට්" කියල හම්බෙයි..
ඇයි මේ තරම් ටොරන්ට් ජනප්‍රිය​.. උත්තරය සරලයි, වේගවත් ඒ වගේම ඩව්න්ලෝඩ් කරන්න පහසුයි..
ටොරන්ට් ක්‍රමයේදී වෙන්නෙ අපි ෆයිල් 1ක් ඩව්න්ලෝඩ් කරන්න හදද්දි ඒ ෆයිල් 1 කලින් ඩව්න්ලෝඩ් කරපු, එහෙමත් නැත්තන් දැනට ඩව්න්ලෝඩ් කරමින් සිටින වෙනත් අයගෙන් අදාල ෆයිල් 1 කුඩා කොටස් විදිහට ඩව්න්ලෝඩ් කරගැනීමයි..
ඒ කියන්නෙ අපි මෙගා බයිට් 1ක​ ෆයිල් 1ක් ඩව්න්ලෝඩ් කරන්න හැදුවොත් ඒක අපිට ලැබෙන්නෙ කිලෝ බයිට් 10 වගේ කුඩා කොටස් ගණනාවක් එකතු වෙලා..  තනි ලොකු ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙනවට වඩා කුඩා ෆයිල් විදිහට ඩව්න්ලෝඩ් වෙද්දි වේගය වැඩියි..
ටොරන්ට් ෆයිල්ස් අපි අන්තර්ජාලයේ හෙව්වම අපිට මුලින්ම ලැබෙන්නෙ .torrent කියලා extension එකක් තියෙන ඉතා කුඩා ෆයිල් එකක්... මේ ෆයිල් එකේ තමයි අපි ඩව්න්ලෝඩ් කරන්න හදන ෆයිල් එකේ විස්තර තියෙන්නේ..  .torrent ෆයිල් 1ක් run කරන්න ටොරන්ට් software 1ක් ඕනේ..  .torrent ෆයිල් එක run 1 උනාම ඒකෙන් හොයනවා අපිට මේ ෆයිල් එක ගන්න පුලුවන් කොහෙන්ද කියලා.. ඒ විදිහට ලෝකෙ පුරාම අපි වගේම torrent ඩව්න්ලෝඩ් කරන අය සම්බන්ද කරගෙන ඒ අයගෙන් අපිට ඕනෙ ෆයිල් එකේ කොටස් ලබා ගන්නවා..  ටොරන්ට් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරගන්න අපිට සම් බන්ද කරගන්න පුලුවන් පරිගණක් ප්‍රමානයට කියන්නෙ seeds කියලා.. seeds වැඩිවෙන තරමට  ඉක්මනට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්..
ටොරන්ට් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරද්දි seeds ප්‍රමානය වගේම ඒකට දාල තියෙන comments ගැනත් බලන්න ඕනෙ.. මොකද සමහර වෙලාවට fake ෆයිල්ස් තියෙන්න පුලුවන්..

ටොරන්ට් ෆයිල්ස් ඩව්න්ලෝඩ් කරන්න ඕනෙ නම් පහල තියෙන දෙකෙන් එකක් අරන් කරගන්න​.. 


ඊට පස්සෙ ඩව්න්ලෝඩ් කරන්න ඕනෙ ෆයිල් එකේ නම අගට torrent කියල දාල අන්‍තර්ජාලයේ හොයන්න​.. ටොරන්ට් සයිට්ස් ඕන තරම් හම්බෙයි..