
ප්‍රොසෙසරය කියන්නෙ පරිගණකයේ මොලය කියලා සරලවම හඳුන්වන්න පුලුවන්. මේකෙන් තමා පරිගණකයට මොන කාර්‍යයද කරන්නෙ, මොන වෙලාවටද කරන්න ඕනෙ කියන්නෙයි, වඩා වැදගත් මොන කාර්‍ය්‍යද කියලා හොයලා ඒකට ප්‍රමුඛතාවය දෙන්නෙයි. මේ ප්‍රොසෙසර් වලට තප්පරයක් තුල සැලකිල්ලට ගන්න පුලුවන් උපදෙස් ගණන ප්‍රොසෙසර් වේගය යන්නෙන් හඳුන්වන්නේ.. කොච්චර වේගවත් උනත් එක තප්පරයකදි ප්‍රොසෙසරය ලබාගන්නා උපදෙස් ගණනේ සීමාවට ඇවිත් නම් ප්‍රොසෙසරයට යවනකන් ඒ උපදෙස් ප්‍රධාන මතකයේ හෙවත් රැම් එකේ ගබඩා වෙලා තියෙනවා.. ප්‍රොසෙසර් වල වේගය මනින්නේ හර්ට්ස් වලින්.. මෙගාහර්ට්ස් 1ක වේගයක් තියෙන ප්‍රොසෙසරයකට පුලුවන් තප්පරයකට උපදෙස් මිලියනයක් සැලකිල්ලට ගන්න.. ඒ අනුව වර්තමානයේ තියෙන ගිගාහර්ට්ස් වලින් වේගය කියන ප්‍රොසෙසර් වල තියෙන වේගය හිතාගන්න පුලුවන් නේද.. ඒ වගේම තමා හැබැයි ප්‍රොසෙසරයේ වේගය වැඩිවෙන තරමට ප්‍රොසෙසරය රත්වීමත් අධික වෙනවා.
No comments:
Post a Comment