Sunday, October 28, 2012

Key Loggers

Key logger එකක් යනු අපේ පරිගණකයේ අපි ටයිප් කරන හැම දෙයක්ම අපිට නොදැනී record කරලා තියාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්... ඒ කියන්නේ අපේ මුර පදත් (passwords) ඇතුලුව​.. මෙහි ඇති භයානක කම වන්නේ මේ ඇතැම් key loggers වලට පුලුවන් අපි ටයිප් කරන හැම දෙයක්ම text file එකකට record කරගෙන තියාගෙන ඉඳලා අපි අන්තර්ජාලයට සම්බන්ද උන ගමන්  key logger එක පරිගණකයේ ස්ථාපිත කරපු කෙනාට email කිරීමේ හැකියාව​.. Facebook, email හැක් උනා කියන ගොඩක් අයට බැලුවම අන්තිමට වෙලා තියෙන්නේ මේක​...
ඉතින් මේකෙන් ආරක්‍ෂා වෙන්න නම් පරිගණකය කාට හරි දෙද්දි ටිකක් සැලකිලිමත් වෙන්න​.. එහෙම නැතිනම් අලුත් සොෆ්ට්වෙයා ස්ථාපිත කරන්න බැරි Limited User Account එකක් හදලා තියන්න වෙන අයට පාවිච්චි කරන්න​...

දැනටමත් Key logger එකක් ස්ථාපිත වෙලාදැයි සොයාගැනීම​

හොඳ පරිගණක දැනුමක් තිබේ task Manager නම් එකෙහි Processes ටැබ් එකේ "key logger"යන නම සඳහන් process එකක් තිබේද බලන්න​.. එසේ තිබේ නම් එහි නම හරියට බලාගෙන එම process එක end කර එම නම සඳහන් සොෆ්ට්වෙයා එක පරිගණකයෙන් ඉවත් කර දමන්න​...

එසේත් නැති නම් මෙම මෘදුකාංගය මගින් key loggers හඳුනාගත හැකියි..

වැඩි විස්තර සඳහා
http://dewasoft.com/privacy/kl-intro.htm
dewasoft.com/privacy/kldetector.htm
http://en.wikipedia.org/wiki/Keystroke_logging

3 comments:

  1. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ පරිගණක භාවිත කරන්නන් තවමත් එතරම් උනන්දු නොවන අනතුරක් මේක ...මේ රටවල නම් කීලොගර් ගැන බොහොම අවධානයෙන් ඉන්නේ .විශේෂයෙන්ම Antivirus වගේම Antikey logger අද අත්‍යවශ්‍ය මෘදුකාංගයක් ..පෞද්ගලිකව මම නම් Zemana antikey logger එක භාවිත කරන්නේ ..සුළු මුදලක් වැය වුනත් ආරක්ෂාව අතින් සෑහෙන විශ්වාසයි ..

    මේ ලින්ක් එකෙන් ඔබ සැමට Zemana නොමිලේ ලබා ගන්න පුළුවන් ..ඒත් දින 15කට විතරයි ..නමුත් අත්හදා බලන්නට ..ඒ වගේම සුදුසුනම් මිලදී ගන්නටත් එය අවස්ථාවක් වේවි ..

    http://www.zemana.com/download.aspx
    ස්තුතියි මම සොඳුරු සුව අසපුවේ ..මහේෂ්

    පසුව ලියමි .. - පුළුවන් නම් මෙහි වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න ..එය අදහස් දක්වන්නන්ට පහසුවක් වේවි ..

    ReplyDelete
  2. ස්තූතියි අදහස් දැක්වීමට​...
    වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කළා...

    ReplyDelete
  3. මට විශ්වාසවන්ත keylogger software එකක් හොයාගන්න බැරි වෙයිද..?? :/

    ReplyDelete