Monday, December 6, 2010

යුනිකෝඩ්

අන්තර්ජාලය භාවිතයේදී අපිට සින්හල, දෙමළ වගේම විවිධ භාෂා වල අකුරු පෙන්නන්නෙ මේ යුනිකෝඩ් වලින්.. පරිගණකයේ ඇතුලත වැඩ වෙන්නේ සංඛ්‍යා මගින් කියලා හැමෝම දන්නවනේ.. ඉතින් මේ යුනිකෝඩ් කියන දෙයින් සෑම භාෂාවකම, සෑම අකුරකටම විශේෂිත අංකයක් දීලා ගබඩා කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට විකේතනය කරල අපිට වචන පෙන්නනවා... යුනිකෝඩ් ක්‍රමය එන්න කලින් මේ විදිහට අකුරු වලට අගයන් දෙන්නයි, විකේතනය කරන්නයි විවිධ කේතන ක්‍රම රාශියක් තිබ්බත් ඒවා භාවිතයේදී විවිධ ගැටලු මතු උනා... මේ නිසා අන්තර්ජාතික වශයෙන් භාවිතා කල හැකි පොදු ක්‍රමයක් ලෙස යුනිකෝඩ් ක්‍රමය සොයාගැනුනා.. ඉතින් අපේ පරිගණකයේ වෙබ් බ්‍රව්සරය යුනිකෝඩ් වලට සහය දක්වනවා නම් සහ පරිගණකයේ අදාල භාෂාවේ ෆොන්ට් තියෙනවා නම් ඕනම අන්තර්ජාලයේ ඕනම භාෂාවකින් තියෙන දෙයක් අපිට බලාගන්න පුලුවන්..
වැඩිදුර තොරතුරු සඳහා පහත වෙබ් අඩවි පිරික්සන්න​..

No comments:

Post a Comment