Thursday, December 9, 2010

කිව්. ආර්. කෝඩ් (QR code)

බාර්කෝඩ් තීරු ගැන හැමෝම දන්නවනේ,, බාර්කෝඩ් තීරු වල සටහන් කරන්න පුලුවන් අකුරු හා ඉලක්කම් පමණයි, ඒකත් කියවන්න පුලුවන් විශේෂිත බාර්කෝඩ් රීඩරයකින් පමණයි..
කිව් ආර් කෝඩ් කියන්නෙ බාර්කෝඩ් ක්‍රමයට වඩා ගොඩාක් ඉදිරියෙන් තියෙන ක්‍රමයක්.. කිව් ආර් කෝඩ් කියන ක්‍රමයේදි පුලුවන් වෙබ් ලිපිනයක් කුඩා සමචතුරස්‍ර කොටුවක සටහන් කරන්න​, ඒකත් කැමරාවක් සහිත ඕනම ජංගම දුරකතනයකින් කියවන්න පුලුවන්.. මේ සඳහා කුඩා මෘදුකාංගයක් දුරකතනයට භාගත කරගැනීම පමනයි අවශ්‍ය වන්නේ.. මේ මගින් කිව් ආර් ක්‍රමයට සටහන් කර ඇති වෙබ් ලිපිනයක් කියවා ජංගම දුරකතනය මගින්ම ඒ වෙබ් අඩවියට පිවිසීමට පුලුවන්.. වෙබ් ලිපින පමනක් නෙව බාර්කෝඩ් ක්‍රමයේදී මෙන් අකුරු හා ඉලක්කම්ද මෙම කිව් ආර් රූපයක් මත සටහන් කරන්න පුලුවන්..මේ කෝඩ් එකක් කොලයක​, බිත්තියක​, කමිසයක​, විශාල දැන්වීම් පුවරුවක උනත් සටහන් කර තබන්න පුලුවන්..   i-nigma මෙම වෙබ් අඩවියට පිවිසී create barcodes යන්න තේරීමෙන් ඕනෑම අයෙකුට තමන්ගේ වෙබ් අඩවියක්, පනිවිඩයක් කිව් ආර් කෝඩ් එකක් බවට පත්  කරගන්න පුලුවන්.. 
www.i-nigma.mobi  කියන වෙබ් අඩවියට ජංගම දුරකතනය මගින් පිවිසීමෙන් කිව් ආර් රීඩරය නොමිලේ භාගත කරගන්න පුලුවන්.. 

 

No comments:

Post a Comment