Friday, December 10, 2010

ත්‍රිමාන තාක්‍ෂණය​


ඔයාලා අහලා ඇතිනෙ ත්‍රිමානව බලන්න පුලුවන් චිත්‍රපටි ගැන​.. මම කියන්න යන්නේ ඒ ත්‍රිමාන තාක්‍ෂණය ක්‍රියාත්මක වන විදිහ​.. ඔයාලාට නිකමට හරි හිතිලා තියෙනවද ඇයි අපිට ඇස් දෙකක් තියෙන්නෙ කියලා? ඇස් දෙකක් තියෙන නිසා තමයි අපිට හැමදේම ත්‍රිමානව පේන්නෙ.. යම් වස්තුවක් අපේ ඇස් දෙකට පේන්නෙ කෝණ දෙකකින්.. ඇස් දෙකට කෝණ දෙකකින් පේන රූපය අපේ මොලයෙන් අදුරගන්නවා ත්‍රිමාන වස්තුවක් කියලා..
මේ ත්‍රිමාන තාක්‍ෂණය කියන දෙයින් ඇත්තටම කරන්නේ අපේ මොලය රැවටීමක්.. මෙහිදී යම් රූප රාමුවක් කෝණ දෙකකින් පටිගත කරනවා,, පසුව පරිගණකය මගින් එම රූප රාමු දෙක එකක් නිල් පාට ස්ථරයක් සහිත එකක් බවටත් අනික රතු පාට ස්ථරයක් සහිත එකක් බවටත් පත් කරනවා. ඉන් පසු එම රූප රාමු දෙක එක මත සිටින සේ සකසා තනි රූප රාමුවක් බවට පත් කරනවා.. ඉන් පසු අවශ්‍ය වන්නෙ විශේෂිත උපැස් යුවලක් පමණයි, උපැස් යුවලක් කිව්වට මෙහි තියෙන්නේ නිල් හා රතු  වීදුරු දෙකක්. මෙම වීදුරු දෙක මගින් එක මත ඇති රූප රාමු දෙක වෙන් කර අපගේ ඇස් වලට වෙන වෙනම පෙන්නනවා, එවිට අපේ මොලය එම රූප රාමුව ත්‍රිමාන ආකාරයෙන් දකිනවා.. විදේශ රටවල් වල බොහෝ සිනමා ශාලා වල දැන් මේ තාක්ශණය භාවිතා වනවා.. ත්‍රිමාන උපැස් යුවලක් තියෙනවා නම් youtube එකේ ත්‍රිමාන රූප රාමු ඕන තරම් හොයාගන්න පුලුවන්..
නමුත් මේ විදිහට මොලය රැවටීම මොලයට හොඳයිද කියන එක නම් සිතිය යුතු දෙයක්..


 දැන් විශේෂිත රූපවාහිනි තියෙනවා මේ ත්‍රිමාන තාක්‍ෂණයට සහය දක්වන​.. ඒවාට විශේෂිත උපැස් අවශ්‍ය වන්නෙ නෑ, එම රූපවාහිනි වල තිරයට ඉදිරියෙන් ඇති විශේෂිත වීදුරුවක් මගින් නිල් හා රතු රූප රාමු බෙදීම සිදු කර අපේ ඇස් වෙත එවනවා. මේ තියෙන්නෙ ඒ වගේ විශේෂිත රූපවාහිනි තිරයක්. නමුත් මේවගෙ මිල නම් ගොඩක් අධිකයි..

No comments:

Post a Comment